Saturday, September 6, 2014

#SLAmuMirisChallenge


රජරට වකුගඩු රෝගීන් මේ වෙනකොට 20,000ක් ඉන්නවා. ඒ අතර ඉන්න අයගෙන් හැමදාම දෙදෙනෙක් මිය යනවා කියලයි කියන්නේ. මේකට හේතුව වෙන්නේ බැර ලෝහ දීර්ඝ කා

ලීනව ශරීර ගත වීම කියලයි ඒ ගැන පරීක්ෂණ කරන විශේෂඥයෝ කියන්නේ.... මේ රෝගයට වැඩි හරියක් ගොදුරු උනේ රටට බත සපයපු ගොවියෝ බව අපි කාටවත් රහසක් නෙමේ...අපි හැමෝම ඒ අය වවපු ගොයමෙන් ගත්තු වී වලින් ජීවිතේ එක දවසක් හරි බත් කාල ඇති.



මේ අපේම රටේ මිනිස්සු වෙනුවෙන් අපිත් අපිට හැකි දෙයක් කරන්න ඕනේ කියන අදහස ගොඩ දෙනෙක්ගේ හිත් තුළ තියෙනවා කියන එක අපි දන්නවා... ‪#‎ALSIceBucketChallenge‬ එක ජනප්‍රියව තියෙන මේ වෙලාවේ අපි හිතුවා නාලා නෙමේ කාලා challenge කරන්න... අපේම මිනිස්සු වෙනුවෙන්. ‪#‎SLAmuMirisChallenge‬ එක අපි කරන්නේ රජරට වකුගඩු රෝගයෙන් පීඩා විඳින අපේම මිනිස්සු වෙනුවෙන්... එයාලට සරණක් වෙන්න...

චැලේන්ජ් එක යන විදිය සරළයි... චැලේන්ජ් එක අමු මිරිස් කරල් තුනක් මිනිත්තු දෙකකදී කාලා ඉවර කරන එක... ඔබට පුළුවං ඔබ දන්න හඳුනන 5 දෙනෙක්ට චැලේන්ජ් කරන්න. ඔවුන් චැලේන්ජ් එක භාරගත්තොත් මේ වැඩසටහන සඳහා වෙන අරමුදලට රුපියල් 100/= කින් දායක වෙන්න ඕනේ... චැලේන්ජ් එක භාර නොගත්තොත් වකුගඩු රෝගී අරමුදලට රුපියල් 1000/=ක් පරිත්‍යාග කරන්න ඕනේ... මේ ආකාරයට ඔබ දන්න කියන අයට "අමුමිරිස් චැලේන්ජ්" කරමින් අරමුදල තරකිරීමට ඔබේ දායකත්වය අපි බලාපොරොත්තු වෙනවා...

1. මොකක්ද මේකෙන් වකුගඩු රෝගීන්ට වෙන්නේ ?
අපි උදව් කරන්නේ පොළොන්නරුව මූලික රෝහලට. ඒකට හේතුව වකුගඩු රෝගීන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරපු වෛද්‍ය ඒකක තියෙන්නේ පොළොන්නරුව මූලික රෝහලේ. ඉතින් අපේ මේ සමාජ සත්කාරය පොළොන්නරුව මූලික රොහල කේන්ද්‍ර කරගෙන සිදු කරන්න අපි තීරණය කළා...
ඒ වගේම මේ අරමුදලෙන් පොළොන්නරුව මූලික රොහලට ලබාදෙන්නේ මොනවද කියනදේ ගැනත් අපි කල්පනා කෙරුවා. අපි රෝහලට ලබාදෙන්න ඕනේ ඔවුන්ට අවශ්‍ය දේ. ඔවුන්ගේ අවශ්‍යතාවය මොකක්ද, ඒ අවශ්‍යතාවය අපි සම්පූර්ණ කරනවා මේ ව්‍යාපෘතිය මඟින්... මූලිකවම අපි අදහස් කළේ වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කරන යන්ත්‍රයක් (Dialysis Machine) ඔවුන්ට ලබාදෙන්න. ඒ සඳහා වෙන වියදම ආසන්න වශයෙන් රුපියල් මිලියන 03ක්. රුපියල් ලක්ෂ 30ක්. මේ රුපියල් ලක්ෂ 30 ඉලක්කයට #SLAmumirisChallenge ව්‍යාපෘතිය තුළින් අපි ගමන් කරනවා...

2. අරමුදල එකතු කරන බැංකු ගිණුම...
අපේ රටේ වගේම රටෙන් පිට ඉන්න අපේ සහෘදයින් බොහෝ දෙනෙක් මේ වනවිටත් නිරන්තරයෙන් අහන දේ තමයි ගිණුම් අංකය මොකක්ද කියන එක...
ඉතින් අපි තීරණය කළා සම්පත් බැංකුව හරහා බැංකු ගිණුමක් ආරම්භ කරන්න... මෙන්න ගිණුමේ විස්තර...

සම්පත් බැංකුව
කොලඹ සුපිරි ශාඛාව (Colombo Super Branch)
ගිණුම හිමිකරුගේ නම - SL AID
ගිණුම් අංක 117561000881

3. අමුමිරිස් අභියෝගය කොහොමද වෙන්න ඕනේ...
ඇයි මේ අභියෝගයට අමු මිරිස්ම කන්න යොදාගත්තේ... මොකක්ද ඒකට හේතුව? ඔබ දන්නවාද වකුගඩු රෝගය හේතුවෙන් ඒ අහිංසක රෝගීන් විඳින වේදනාව... ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි.. ඔවුන්ගේ ඒ වේදනාව අපිටත් දැනෙනවා කියන දේ අර්ථගැන්වෙන්න තමයි අමුමිරිස් කන්න යෝජනාවුනේ... ඔබ දන්නවා අමුමිරිස් කරලක් කන එක කොච්චර වේදනාත්මක වැඩක්ද කියලා...

ඒ වගේම බොහෝ දෙනෙක්ගෙන් ඉල්ලීමක් තිබුනා අමුමිරිස් කරල් 3ක් කියන එක ඊට වඩා අඩු කරන්න කියලා... හරි.. ඔබේ ඉල්ලීමට අපි ගරු කරනවා...
ඔබට මේ චැලේන්ජ් එක සඳහා අමුමිරිස් කරල් එකක් උනත් කාලා සහභාගී වෙන්න පුළුවනි... අමු මිරිස් කරලක් කන එක මහ වැඩක් නෙමේ... විශ්වාස කරන්න... ඔබ වීඩියෝවේ දැක්කා මම කරල් 3ක්ම කන හැටි...

ඒ වගේම අමුමිරිස් කන්න අමාරුම අයටත් පුළුවනි මේ වැඩසටහනට දායකත්වය ලබාදෙන්න... ඒක කරන්නේ මෙහෙමයි... ඔබ වීඩියෝ එකක් කරන්න #SLAmuMirisChallenge එකට ඔබ සහය දක්වනවා කියලා... ඒ වීඩියෝ එක අපේ ෆේස්බුක් ගෲප් එකට, පේජ් එකට අප්ලෝඩ් කරන්න. ඒ වගේම හොඳට මතක තියාගන්න, ඔබ අමුමිරිස් කන්නේ නැතුව ඔබට බැහැ වෙන කෙනෙක්ට අභියෝග කරන්නත්...

4. ඊළඟ වැදගත්ම දේ...
කව්රුවත් ඔබට අභියෝග කරනකං බලාගෙන ඉන්න එපා... ඔබ අභියෝගය පටං ගන්න... අද ඔබ ඔබේ මිතුරන් 3 දෙනෙක්ට අභියෝග කළාම, හෙට ඔවුන් 3 දෙනා තව 9 දෙනෙක්ට අභියෝග කරනවා... ඔබ දන්නවා මේ වැඩේ සිද්ධ වෙන විදිය... ඉතිං ඇයි තවත් පරක්කු කරන්නේ... දැංම පටං ගන්න...

Donate for SL Aid : https://www.facebook.com/pages/SL-Amu-Miris-Challenge-%E0%B6%85%E0%B6%B8%E0%B7%94-%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%A0%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%8A-2014/350363428464285?

No comments:

Post a Comment